WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුජරාට් ගින්න ගැන අලුත් ආරංචියක්

2024 May 26- Page Views : 10

ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයක හටගත් ගින්න සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ විනෝද ක්‍රීඩා මධ්‍යස්ථානයේ හටගත් මෙම ගින්නනෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 32 ක් දක්වා ඉහළගොස් ඇති අතර ඒ අතර කුඩා ළමුන් 12 දෙනෙකු සිටින බවද සඳහන් වෙයි.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කර ඇති පංච පුද්ගල කමිටුවක් මගින් එම මධ්‍යස්ථානයේ කළමනාකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකය.

ඇතැම් මළසිරුරු සිරුරු හඳුනාගත නොහැකි ලෙස පිළිස්සී ඇති බැවින් ගින්න සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිස්වල ඥාතීන්ගේ DNA සාම්පල, සිරුරු හඳුනාගැනීම සඳහා ලබාගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.