WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය ගුවන් යානයක බෝම්බ බියක්

2024 May 28- Page Views : 42

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පියාසර කිරීමට තිබූ ගුවන් යානයක් හදිසි පරීක්ෂාවකට ලක්කර තිබේ.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ, අදාළ ගුවන් යානය එරට වේලාවෙන් අද (28) අලුයම 05ට පමණ පිටත්ව යාමට නියමිතව තිබූ අතර ඇතිවූ බෝම්බ බිය හේතුවෙන් ගුවන් යානය ගුවන් ගතවීමට මිනිත්තු කිහිපයකට පෙර ධාවන පථයේ නතර කර, මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇති බවය.

මෙලෙස පරීක්ෂාවට ලක්කර ඇත්තේ, දිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට වරනාසි බලා පිටත්ව යාමට තිබූ ගුවන් යානයක් බව සඳහන්ය.

කෙසේවෙතත් සැකකටයුතු කිසිදු දෙයක් සොයාගැනීමට ආරක්ෂක නිලධාරීන්ට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

මේ මස මුලදී ද දිල්ලි ගුවන්තොටුපොළේ ගුවන් යානයක වැසිකිළියක් තුළ බෝම්බයක් ඇති බවට ව්‍යාජ තොරතුරක් සංසරණය වුණි.