WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගුවන් යානයක එන්ජිමට ඇදී ගිය පුද්ගලයෙකු මරුට

2024 May 30- Page Views : 10

නෙදර්ලන්තයේ ගුවන්තොටුපොළක සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම සිදුවීම වාර්තාවන්නේ ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළෙණි .

KLM අයත් ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යාමෙන් මෙම අවාසනාවන්ත මරණය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අනතුරින් මියගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බවය.

ගුවන් යානය නෙදර්ලන්තයේ සිට ඩෙන්මාක් වෙත පියාසර කිරීමට සූදානමින් තිබියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

කෙසේ වෙතත් ඇම්ස්ටඩෑම් Schiphol ගුවන්තොටුපොළ ප්‍රකාශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙවැනි අවස්ථාවන්හි රාජකාරී කිරීමේදී දැඩි විමසිලිමත්භාවයක් දක්වන බැවින් මෙම අනතුර සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බවය.

එසේම මෙම බිහිසුණු අනතුරත් සමග අදාළ ගුවන්යානයේ සිටි සියලුම මගීන් ඉන් පිටතට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.