පාකිස්තානය තවත් චන්ද්‍රිකාවක් උඩ යවයි
2024 May 31- Page Views : 10
ආර්ථික අර්බුදයකින් බැට කන පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රැඳවීය.
මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව මෙයයි. පළමු චන්ද්‍රිකාව මෙන්ම මෙම දෙවැනි චන්ද්‍රිකාව ද පෙර සැලැසුම් කළ පරිදි නියමිත පෘථිවි කක්ෂයේ රැඳවුණු බව ද පැවැසෙයි.
පාකිස්තානය චන්ද්‍රිකාව නිපදවූයේත්, එය අභ්‍යවකාශයේ රැඳවූයේත් චීනයේ ආධාරයෙනි. චීනය අභ්‍යවකාශය ජයගත් ආසියානු රටකි. මේ වනවිට චීනය පෘථිවි කක්ෂයේ ඔවුන්ටම කියා වෙනම අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. ඉදිරියේ දී සඳ තරණයටත් චීනය සූදානම් වෙයි.