WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජර්මනියේ පිහි ඇනුමක් - 6කට තුවාල

2024 June 01- Page Views : 10

නිරිතදිග ජර්මනියේ මැන්හයිම් නගරයේ වෙළෙඳපොළ චතුරශ්‍රයකදී පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරියෙකු ඇතුළු හය දෙනෙකුට පිහියකින් පහර දී තුවාල සිදුකර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකු ඉස්ලාම් විරෝධී ක්‍රියාකාරිකයෙකු වන මයිකල් ස්ටර්සන්බර්ග් වන බවත් ඔහු චතුරශ්‍රයේ රැලියක් පැවැත්වීමට සූදානම්ව සිට ඇති බවත් ය.

මෙම සිදුවීම යූ ටියුබ් නාලිකාවක සජීවීව විකාශය වී ඇති අතර ප්‍රහාරකයා පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඇති අතර පසුව උදව් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුට ද ප්‍රහාරයක් එල්ල කර ඇත.

එම අවස්තාවේදී ප්‍රහාරකයාට තවත් පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඇෆ්ගනිස්තානයේ උපත ලබා ජර්මනියේ ජීවත් වන 25 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.