WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හොර ඉන්දීය පාස්පෝට් හැදූ ලාංකිකයින් ඉන්දියාවේ දීම කොටුවෙයි

2024 June 03- Page Views : 10

ශ්‍රී ලාංකික සරණාගතයින්ට නීතිවිරෝධී ලෙස ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර සකස් කරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම සැකකරුවන් පිරිස තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සමග ඉන්දීය ජාතික කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය විදේශ ගමන් බලපත්‍ර සැපයු තැනැත්තිය බවට සැකපළ කරයි.

මොවුන් විසින් ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකුට ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පහසුකම් සපයා ඇති බව ඉන්දීය පොලීසිය සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ජාවාරම සම්බන්ධයෙන් ලද තොරතුරු මත සිය පරීක්ෂණ කටයුතු මෙම වසරේ ජනවාරි මාසයේ දී ආරම්භ කර තිබේ.

ඒ අනුව මේ වන විට ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

එම පිරිස අතර ද ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු සිටින බව වාර්තා කරන ඉන්දීය පොලීසිය පෙන්වා දෙන්නේ, ජාවාරම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.