WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩෙන්මාර්ක අගමැතිනියට ප්‍රහාරයක්

2024 June 08- Page Views : 10

ඩෙන්මාර්ක අගමැතිනී මෙට් ෆෙඩ්රික්සන්, එරට කෝපන්හේගන් අගනුවර මධ්‍යයේය ජනතාව අතරින් ගමන් කරමින් සිටිද්දී ප්‍රහාරයකට ලක් වූවාය.

පොලිසිය පවසන්නේ, නානදුනන පුද්ගලයකු ඇයට නොපෙනී ඇය පිටුපසින් ඇය අසලටම පැමිණ ඇයට පහර දුන් බවය. එසැණින් ඇගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් එම පුද්ගලයා මෙල්ල කර, පොලිසියට බාර දී ඇත.

ප්‍රහාරයට ලක්වුණු අග්‍රාමාත්‍යවරියට කිසිදු අනතුරක් සිදු නොවුණු නමුත්, ප්‍රහාරය හේතුවෙන්, ඇය දැඩි ලෙස කම්පනයට පත්වුණු බව පැවැසෙයි. අත්අඩංගුවට ගත් එම පුද්ගලයා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී ඇත. ඔහු අග්‍රාමාත්‍යවරියට පහර දුන්නේ ඇයිදැයි යන්න තවමත් පැහැදිලි නැත.

සිද්ධිය දුටුවන් පවසා ඇත්තේ, අගමැතිනි මෙට් ෆෙඩ්රික්සන්ට පිටුපසින් ආ එම පුද්ගලයා ඇයට ළං වී, ඇගේ උරහිසට අතින් ප්‍රහාරයක් එල්ල කළ බවය ප්‍රහාරය හේතුවෙන් ඇය විසි වී ඇද වැටීමට ගිය බව ද සිද්ධිය දුටුවෝ වැඩි දුරටත් කියා සිටි. සිද්ධියෙන් පසු ඇය අවන්හලකට ගොස් කෝපි පානය කර තිබේ.

46 හැවිරිදි මෙට් ෆෙඩ්රික්සන්, ඩෙන්මාර්කයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2019 වසරේදීය. ඇය ඩෙන්මාර්කයේ ළාබාලතම අග්‍රාමාත්‍යවරිය වන්නීය.

අග්‍රාමාත්‍යවරිය ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය සිදුවූයේ යුරෝපා සංගමයේ ඡන්ද විමසුමේ දී ඩෙන්මාර්කය සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීය. ඩෙන්මාර්කය ද යුරෝපා රටකි.

මීට පෙර තවත් යුරෝපා රටන් වන ස්ලොවේකියාවේ අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝ වෙඩි ප්‍රහාරයකට ලක් විය. සැත්කම් කීපයකට භජනය වූ අග්‍රාමාත්‍යවරයා දිවි ගලවා ගැනීමට සමත් වූ බව පැවැසෙයි.