ප්‍රංශ මැතිවරණයට දින නියම වෙයි
2024 June 10- Page Views : 10
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවේදනය කරමින් ඔහු පවසා ඇත්තේ, ජුනි 30 සහ ජූලි 07 යන දිනවල පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන බවයි.
පැරිස් ඔලිම්පික් උළෙලට සති කිහිපයකට පෙර ඡන්දය වට දෙකක් ලෙස පැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් වේ.