ඊශ්‍රායල රජය සෙලවෙයි
2024 June 10- Page Views : 10
ඊශ්‍රායල රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වී තිබේ.
එසේ ඉල්ලා අස්වී ඇත්තේ ඊශ්‍රායල යුද කැබිනෙට්ටුවේ ප්‍රබලයෙක් ලෙස සැලකෙන බෙනි ග්‍රාන්ට්ස් ය.
විශේෂයෙන් යුද්ධයෙන් අනතුරුව ගාසා තීරය සඳහා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කර නොමැතිවීම හේතුවෙන් මතුවී ඇති අර්බුදය හේතුවෙන් ඔහු රජයෙන් ඉවත්වී ඇති බව සඳහන් වෙයි.
ඊයේ (09) ටෙල් අවීව් නගරයේදී මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ තමා මෙම තීරණය ට එළඹුණේ දැඩි පසුතැවිල්ල හේතුවෙන් බවයි.