WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුවේට් ගින්න 49 ක් බිලි ගනී

2024 June 13- Page Views : 10

කුවේටයේ, මැන්ගාෆ් දිස්ත්‍රික්කයේ, විදෙස් ශ්‍රමිකයන් නවාතැන් ගන්නා මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නට 49 දෙනෙක් බිලිවූහ. ඔවුන්ගෙන් වැඩිදෙනා ඉන්දියානුවන් බව පැවැසෙයි.

ගින්න හටගන්නා අවස්ථාවේදී විදෙස් ශ්‍රමිකයෝ 160 කට වැඩි පිරිසක් ගොඩනැගිල්ලේ සිට ඇත.

කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා, ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් සිදුවූයේ කුමක්දැයි විමසා බැලුවේය.

ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගන්නැයි උපදෙස් දුන්නේය. විශේෂ විමර්ශනයක් පැවැත්වීමට ද කුවේට් නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් ෆහාද් අල් සාබා උපදෙස් දී ඇත.