යුක්‍රේන ජනපතිගේ උපන් ගමට රුසියාවෙන් ගුවන් ප්‍රහාර
2024 June 13- Page Views : 10
යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කිගේ උපන් ගම වන ක්‍රිවි රිහ් නගරය වෙත රුසියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.
සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට අදාළ ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ප්‍රහාරවලින් පුද්ගලයින් නව දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ අතර ප්‍රහාරවලින් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත යුක්‍රේන ජනාධිපතිවරයා සිය ශෝකය පළ කර ඇති බව වාර්තා වේ.