WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වත්කම් යුක්රේනයට දුන්නැයි රුසියාවේ විරෝධය

2024 June 14- Page Views : 10

රුසියන් යුක්රේන යුද්ධයේ දී, රුසියාවට විරෝධය පළ කරමින්, අත්හිටවූ රුසියානු වත්කම් යොදාගෙන ඒවා, යුක්රේනයට ආධාර ලෙස ලබා දීමට ‘ජී7’ රටවල නායකයන් ඒකමතිකව තීරණය කිරීම, රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

රුසියන් රජය වෙනුවෙන්, එරට විදේශ කටයුතු අමත්‍යාංශයේ, ප්‍රකාශිකා මාරියා සකරෝවා, මාධ්‍ය හමුවක් කැඳවමින් අනතුරු ඇඟවූයේ, ‘ජී7’ නායකයන් ගත් මෙම තීරණය, යුරෝපා සංගමයට ‘වේදනාකාරී’ ප්‍රතිඵල උදා කරනු ඇති බවය.