WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දකුණු අප්‍රිකාවේ පාලන බලය නැවත් සිරිල් රාමපෝසා ට

2024 June 15- Page Views : 10

දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය සහ විරුද්ධ පක්ෂ අතර ඇති වූ සුවිශේෂී සභාග ගිවිසුමකින් අනතුරුව එරට පාර්ලිමේන්තුව විසින් සිරිල් රාමපෝසා ජනාධිපතිවරයා ලෙස යළි තෝරාපත් කරගෙන තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ජාතික සමගි නව රජය රාමපෝසාගේ පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය මධ්‍ය-දක්ෂිණාංශික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ කුඩා පක්ෂ ඒකාබද්ධව මෙම සන්ධානය ගොඩනගා ඇති බවය.

නව පාලනයේ බලය දරන්නේ කවුරුන්ද යන්න තහවුරු කිරීම සඳහා විමසීමට ජාතික සභාව ඡන්ද විමසීමක් පවත්වා ඇති බව සඳහන් වේ.

පසුගිය මාසයේ පැවති මැතිවරණයේදී වසර 30කට පසු ප්‍රථම වරට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමෙන් පසු දකුණු අප්‍රිකානු ජාතික කොංග්‍රසය හවුල් කරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සති ගණනාවක් පුරා පැවති සාකච්ඡාවලින් පසු මෙම තීරණයට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

2018 දී ඇති වූ දැඩි බල අරගලයකින් පසු ජනාධිපති ජේකොබ් සූමා වෙනුවට සිරිල් රාමපෝසා බලයට පත් වූ අතර ඔහුගේ පක්ෂය සෑම විටම සියයට 50 ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබුණි.