WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝකයේ වටිනාම සමාගම

2024 June 19- Page Views : 35

ලෝකයේ වටිනාම සමාගම බවට Nvidia සමාගම පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහි කොටස් වටිනාකම ඊයේ (18) ඉතිහාසයේ වැඩිම අගය වාර්තාකර තිබුණි. එම සමාගමේ කොටසක වටිනාකම ඊයේ 3.5%කින් ඉහළගිය අතර එහි අගය දැක්වුණේ ඩොලර් 136ක් ලෙසට ය. මේ මස ආරම්භයේදී Nvidia සමාගම, ඇපල් සමාගමේ වටිනාකම අභිබවා ගියේය. කෘත්‍රීම බුද්ධිය භාවිත කෙරෙන මෙවලම් සඳහා අවශ්‍ය පරිගණක චිප් Nvidia සමාගම විසින් නිපදවනු ලබයි. එහි නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම සීග්‍රයෙන් වැඩිවෙමින් පවතින බව වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි. එම සමාගමේ වර්තමාන වටිනාකම සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියන 3.34ක් ලෙසටයි. Nvidia අමෙරිකානු බහුජාතික සමාගමකි. එහි මූලස්ථානය කැලිෆෝනියාවේ පිහිටා තිබේ.