WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ෂෙයික් හසීනා ඉන්දියාවේ නිල සංචාරයක

2024 June 22- Page Views : 10

බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබේ.

බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඇතුළු දුත පිරිස ඉන්දීය රජය විසින් මහත් හරසරින් පිළිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙවැනි වරටත් බලයට පත්වීමෙන් පසු විදේශ නායකයකුගේ පළමු සංචාරය මෙය වේ.

බලශක්තිය, වෙළෙඳාම සහ ආරක්ෂක සහයෝගීතාව පිළිබඳව එහිදී දෙරට අතර රාජ්‍ය නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.