WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායල හමුදාව සිදුකළ අමානුෂික ක්‍රියාවක තොරතුරු හෙළිවෙයි

2024 June 23- Page Views : 10

ඊශ්‍රායල හමුදාව පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයේ සිදුකළ හමුදා මෙහෙයුමක් අතරතුරදී සිදුකළ අමානුෂික ක්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භකළ බව ඊශ්‍රායල ආරක්ෂක බලධාරීන් පවසයි.

එහිදී ඊශ්‍රායල හමුදා භටයින් පිරිසක් තුවාල ලබා සිටි පලස්තීන වැසියෙක් ව සිය ජීප් රථයේ බොනට්ටුවේ ගැටගසා ගෙන එම හමුදා මෙහෙයුම සිදුකර ඇති බව වාර්තා විය.

එම අවස්ථාව දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

ඊශ්‍රායල හමුදා බලධාරීන් පවසා ඇත්තේ තුවාල ලබා සිටි පුද්ගලයා සැකකරුවෙක් වුවද ඔහුට සිදුකළ දේ අනුමත නොකරන බවයි.