WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

එක්සත් රාජධානියෙන් තීරණයක්

2024 June 23- Page Views : 10

එල්ටීටීඊ තහනම තවදුරටත් පවත්වා ගෙන යාමට එක්සත් රාජධානිය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

X පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා ඒ බව පැවසීය.

එක්සත් රාජධානියේ "තහනම් සංවිධාන ආභියාචන කොමිසම" එල්ටීටීඊ තහනම ඉවත් නොකළ යුතු බවට නියෝග කර තිබේ.

එරට මහාධිකරණ විනිසුරුවෙක් ප්‍රධානත්වය දරන එම කොමිසම එරට පාර්ලිමේන්තුව මගින් ස්ථාපනය කළ ස්වාධීන අධිකරණයකි.