සඳෙන් පස් අරන් චීන යානය එනවා
2024 June 25- Page Views : 10
සඳේ අඳුරු කාලාපයට ගොඩබැස, පස් සාම්පල එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය අද (25) පෘථිවියට පැමිණෙනු ඇත.
‘චැංග් ඊ 6’ රොබෝ ගවේෂණ යානය, කුඩා යානාවලින් සමන්විත මවු යානයකි. කක්ෂීය යානයක් (ඕබිටර්), පතිත කරවන යානයක් (ලෑන්ඩර්) සහ ඉහළට එසවෙන යානයක් (ඇසෙන්ඩර්) ඇතුළත් විය.
සඳෙන් පස් එකතු කරගත් ‘චැංග් ඊ 6’ රොබෝ යානයේ කැප්සියුලය පෘථිවියට පැමිණෙනු ඇත්තේ, සැලැසුම් කළ පරිදි සහ පෙර ලබා දී තිබුණු උපදෙස් අනුවය.
‘චැංග් ඊ 6’ කැප්සියුලය පැරෂූට් ආධාරයෙන්, වේගය පාලනය කර ගනිමින්, මධ්‍යම මොංගෝලියාවේ, චීනයට අයත් සීසීවැංග් පළාතේ හුදෙකලා ප්‍රදේශයකට පතිත කෙරෙනු ඇත.
මෙහෙයුම ක්‍රියාත්මක කළ චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ආයතනයේ විද්‍යාඥයන්, චීන හමුදාව එක් වී, පැරෂූට් ආධාරයෙන් කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටින බව ද පැවැසෙයි.