WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බොලිවියා රජය පෙරළීමේ තැත වැළකෙයි

2024 June 27- Page Views : 11

බොලිවියාවේ රජය පෙරළාදමා හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගැනීමට හමුදා ජෙනරාල්වරයෙක් ගත් උත්සාහය ව්‍යාර්ථ කර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ කුමන්ත්‍රණයේ ප්‍රධානියා ලෙස හඳුනාගත් ජෙනරාල් Juan José Zúñiga ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.

ඔහුගේ නායකත්වය යටතේ හමුදා කණ්ඩායමක් ලා පාස් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයට කඩා වැදී තිබුණි.

එසේම රජයේ ප්‍රධාන ගොඩනැගිලි පිහිටා ඇති මුරිල්ලෝ චතුරශ්‍රයේ හමුදා සන්නද්ධ රථ ස්ථානගත කර තිබුණි. පසුව එම හමුදා කණ්ඩායම් ඉවත් විය.

කුමන්ත්‍රණයට නායකත්වය දුන් ජෙනරාල්වරයා පවසා තිබුණේ එරට ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිව්‍යුහගත කිරීම ඔහුගේ උත්සාහය බවයි.

නමුත් ජනාධිපති ලුයිස් ආසේ පවසා ඇත්තේ සිය රට අස්ථායි කිරීමට ගන්නා උත්සාහය ප්‍රතික්ෂේප කරන බවයි.