WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහ තරගයට

2024 June 28- Page Views : 35

පන්දුවාර 20යි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

ඒ ඊයේ (27) පැවති අවසන් පුර්ව තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරදා ලකුණු 68කින් ජයගැනීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්තය කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුනි.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.

නායක රෝහිත් ශර්මා පන්දු 39කදී ලකුණු 57ක් රැස් කළේය.

ලකුණු 172ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 16යි පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 103ක් පමණයි.

ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙම ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ සියලුම තරග ජයග්‍රහණය කර තිබීම විශේෂත්වයක් වෙයි.

ඒ අනුව 2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසාන මහා තරගය දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන සෙනසුරාදා පැවැත්වීමට නියමිතය.