WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දිල්ලි ගුවන්තොටුපොළේ විශාල අනතුරක්

2024 June 28- Page Views : 10

ඉන්දියාවේ දිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පළමු පර්යන්තයේ වහලෙහි කොටසක් කඩාවැටී විශාල අනතුරක් සිදුවී තිබේ.

දිල්ලි ගිනි නිවන සේවයේ නිලධාරියෙක් පැවසුවේ ඉන් 3 දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

සිකුරාදා උදෑසන ඇතිවූ අධික වර්ෂාව සහ සුළඟ හේතුවෙන් එම ගොඩනැගිල්ලේ වහලේ කොටසක් කඩා වැටුණි.

ඉන් පෞද්ගලික මෝටර් රථ සහ ටැක්සි රථ කිහිපයකට හානිවී තිබුණි.

එම සිදුවීමෙන් පසු පළමු පර්යන්තයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා ඇත.

මේ වනවිට සහන කණ්ඩායම් අනතුරට ලක්වූ තවත් අය සිටීදැයි සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.