අපේ මිනිස්සු ගැන රුසියාවෙන් දුන් පිළිතුර
2024 June 29- Page Views : 10
රුසියානු - යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් ගිය ශ්‍රී ලාංකික විශ්‍රාමික සෙබළුන්ගෙන් 17 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් පිළිබඳ සොයාබැලීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය මෙරට දූත පිරිසේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (29) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, යුද්ධයට එක්වූ 121 දෙනෙකු මේ වනවිට අතුරුදන්වී ඇති බවය.
මෙම සිද්ධිය ගැන තොරතුරු සොයා බැලීමට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී වලේබොඩ, දයාසිරි ජයසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් 8 දෙනෙකු පසුගියදා දිවයිනෙන් පිටත්ව ගොස් තිබුණි.
එහිදී ශ්‍රී ලාංකික දූත පිරිස රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු නිලධාරින් පිරිසක් සමග සාකච්ඡා පවත්වා ඇත.
අදාළ සාකච්ඡාවලින් අනතුරුව ඔවුන් අද අලුයම දිවයිනට පැමිණ තිබුණි.