නයිජීරියාවේ තැන තැන මරාගෙන මැරෙන ප්‍රහාර
2024 June 30- Page Views : 10
නයිජීරියාවේ ස්ථාන කිහිපයක සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර හේතුවෙන් 18 දෙනෙක් මියගොස් 30 දෙනෙක් පමණ තුවාල කබා තිබේ.
එරට ඊසානදිග බොර්නෝ ප්‍රාන්තයේ මංගල උත්සවයක්, අවමංගල උත්සවයක් සහ රෝහලක් ඉලක්ක කර එම මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකර තිබුණි.
මෙම ප්‍රාන්තයේ පසුගිය වසර 15 පුරා බෝකො හරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම සටන්වැදී සිටින අතර ඒ හේතුවෙන් පුද්ගලයින් 40,000ක් මියගොස් තවත් මිලියන 2ක් පමණ අවතැන් වී තිබේ.