WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය හිමිවන ලකුණු

2024 July 01- Page Views : 10

ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.

ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 ට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. මැතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර, ඊයේ (30) පැවැත්වූයේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, හදිසි මැතිවරණයකට යෑමට තීරණය කර, පාර්ලිමේන්තුව විසුරුවා, මැතිවරණය පැවැත්වූයේ යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමිනි.