WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ප්‍රංශයේ විවාහ මංගල උත්සවයක් අතරතුර වෙඩි තැබීමක්

2024 July 01- Page Views : 10

ප්‍රංශයේ තුර්කි විවාහ මංගල්‍යයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදි තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

හිස් ආවරණ පැලදී පුද්ගලයින් තිදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.