අඟහරු පසේ වගා කරන්න පුළුවන් ශාකයක්
2024 July 02- Page Views : 10
අඟහරු මත වියළි නිසරු කර්කශ පරිසරයේ වගා කළ හැකි සහ එවැනි පරිසරයක හොඳින් වැඩිය හැකි ශාකයක් පෘථිවියේ ඇතැයි විද්‍යාඥයෝ පවසති.
මෙම ශාකය පාසි වර්ගයකි. මෙම පාසි ඇන්ටාක්ටිකාවේ සහ ඇමෙරිකාවේ මොහාවි කාන්තාරයේ දකින්න ලැබේ. මෙම පාසි වර්ගය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ ‘සින්ත්‍රිචියා කැනිනෙර්විස්’ Syntrichia caninervis යන නමිනි.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙම පාසි වර්ගයට දැඩි සීතල කාලගුණ තත්ත්වයක් යටතේ පමණක් නොව, අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් යටතේ දිවි රැක ගනිමින්, ජීවත් විය හැකි බවය.