WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පලස්තීන ජනතාවට සැනසිල්ලක්

2024 July 06- Page Views : 35

ඊශ්‍රායල - හමාස් යුද්ධයේ සටන් විරාමයකට එළඹීම සඳහා සාකච්ඡා ලබන සතියේ ආරම්භ කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

විදෙස් වාර්තා සඳහන් කළේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වූ ගිවිසුමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය මේ වන තෙක් එකඟතාවකට පැමිණ නොමැති බවය.

හමාස් සංවිධානය පවසා ඇත්තේ ගාසා සටන් විරාමයක් සඳහා එක්සත් ජනපද සැලැස්ම යෝජනා කර ඇති අතර සංශෝධනවලට ඊශ්‍රායල ස්ථාවරය පැහැදිලි නැතත් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබී ඇති බවය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ මාසයේ වොෂින්ටනයේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවය ධවල මන්දිරය නිවේදනය කර තිබේ.