WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවන් 7 දෙනා සිටි නිවසට ගිනිතැබූ නරුමයා

2024 July 07- Page Views : 35

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ නිවාසයක් ගිනි ගැනීමෙන් දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

ඉන් එක් දරුවෙක් ගේ වයස මාස 10කි.

පොලීසිය පැවසුවේ මෙම සිද්ධිය මිනීමැරුමක් ලෙස සලකන බවයි.

බටහිර සිඩ්නි හි ලැලෝර් පාර්ක් නම් ප්‍රදේශයේදී අද (07) පාන්දර 1ට පමණ එම ගිනි ගැනීම වාර්තා විය.

එහිදී අවුරුදු දෙකක් සහ හතරක් වයසැති පිරිමි දරුවන් දෙදෙනෙක් බේරාගෙන ප්‍රතිකාර කරන අතරතුරදී මියගොස් ඇති අතර මාස 10ක් වයසැති ගැහැණු දරුවාගේ සිරුර ගින්න නිවීමෙන් පසුව සොයාගෙන තිබුණි.

ගින්න පාලනයට බාධාකළ 28 හැවිරිදි පුද්ගලයෙක්ව එහිදී සැකපිට අත්අඩංගුවට ගෙන ගින්න නිසා ඇතිවූ තුවාල සඳහා ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇති බව සඳහන් ය.

එම නිවසේ සිටි වයස අවුරුදු 6ත් 11ත් අතර වූ තවත් දරුවන් 4 දෙනෙක් සහ 28 හැවිරිදි මව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරිණි.

පොලීසිය සැකකරන්නේ ගෘහස්ත ආරවුලක් හේතුවෙන් මෙම සිද්ධිය සිදුවන්නට ඇති බවයි.