පුටින්ගේ ආරාධනය මෝදි පිළිගනී
2024 July 08- Page Views : 359 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.
රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔහු එරට සංචාරය ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔහු මොස්කව් නුවරදී ව්ලැදිමීර් පුටින් සමඟ 22 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට එක්වීමට නියමිතය.
ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රශීලීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙන බව වාර්තා වේ.
මොස්කව්හි වාර්ෂික සමුළුව අවසන් කිරීමෙන් පසු මෝදි, ඔස්ට්‍රියාව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ඔස්ට්‍රියාවේ සංචාරයකට එක්වන්නේ වසර 41කට පසුවවීම විශේෂත්වයකි.