හමාස් ප්‍රධානියෙක් මරුට
2024 July 08- Page Views : 222
හමාස් සංවිධානයේ ඡ්‍යේෂ්ඨ පරිපාලන නිලධාරියෙක්, ඊශ්‍රායල හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ගාසා නගරයේ පිහිටි පාසලකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ලකර තිබූ අතර එහිදී මියගිය සිව් දෙනා අතර Ehab Al-Ghussein ද වූ බව සඳහන් ය.
ගාසා නගරයේ සහ උතුරු ගාසා ප්‍රදේශයේ හමාස් කටයුතු පාලනය සඳහා ඔහුව මීට මාස තුනකට පමණ පත්කර තිබුණි.
මෙම ඝාතනය හමාස් කටයුතු අඩපණ කිරීමට හේතුවක් නොවන බව පැවසෙන අතර නමුත් හමාස් පරිපාලනයේ වැදගත් පුද්ගලයෙක් ලෙස ඔහුව සැලකුණි.
පසුගිය මාස 9 ඇතුළත හමාස් පරිපාලනයේ විශාල පිරිසක් ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් මරණයට පත්වී තිබේ.