WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දුම්රිය වර්ජනය දිගටම

2024 July 11- Page Views : 35

දුම්රිය ස්ථානාධිපති සංගමය ඇතුළු දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිති තුනක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව දුම්රිය ස්ථානාධිපති සංගමය විධායක කමිටු සාමාජිකයෙක් පැවසීය.

දුම්රිය බලධාරීන් සිය ඉල්ලීම් ඉටු කරන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් බලපෑම් කර වෘත්තීය සමිති මර්ධනය කළ නොහැකි බව ආණ්ඩුව ඇතුළු දුම්රිය බලධාරීන් අවබෝධ කරගත යුතු බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

වර්ජනය පැවතිය ද දුර ගමන් සේවා දුම්රිය 15 ක් පමණ අද පෙරවරුවේ ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.