සෙනඟ පිරුණු බස් දෙකක් සමග අධිවේග මාර්ගයක් නාය යයි
2024 July 12- Page Views : 14 මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අතර ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
අධිවේගී මාර්ගයේ ගමන් ගත් මගී බස් රථ දෙකක් නායයාමට හසුවී ඇති බව සඳහන් වේ.
කත්මණ්ඩු බලා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස අනතුරට ලක්ව ඇත.
නායයෑමට හසු වූ බස් රථ සහ එහි සිටි මගීන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බව වාර්තා වේ.