WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රගේ නිවස කොල්ල කෑ සැකකරු අත්අඩංගුවට

2024 July 13- Page Views : 5

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාට අයත් තලංගම කලල්ගොඩ ප්‍රදේශයේ නිවසකින් රුපියල් ලක්ෂ 50ට අධික වටිනාකමින් යුත් මුදල් හා භාණ්ඩ සොරාගත් පුද්ගලයෙකු කොට්ටාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 22 වනදා රාත්‍රියේ මෙම සොරකම සිදුකර ඇත.

එහිදී සැකකරු විසින් ලැප්ටොප් පරිගණකයක්, ටැබ් 02ක්, වටිනා අත් ඔරලෝසු 5ක්, බ්‍රේස්ලට් 4ක්, මුදු 2ක් සහ මුදල් රුපියල් 10,000ක් සොරාගෙන තිබේ.

පසුව කොට්ටාව පොලීසිය විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු හඳුනාගෙන ඇත.

ඒ අනුව එම සොරා ගත් භාණ්ඩ සහ සොරකම සඳහා භාවිතා කළ යතුරුපැදියක් ද සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ති‌බේ.

පොලීසිය පැවසුවේ මෙම සැකකරු මීට පෙර කොට්ටාව, තලංගම සහ මහරගම පොලිස් වසම් වල නිවෙස් හා වෙළෙඳසැල් බිද දේපොළ කොල්ලකෑමේ සිද්ධීන් ගණනාවකට බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවයි.

සැකකරු තලංගම උතුවන්කන්දේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

පොලීසිය පැවසුවේ සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

සැකකරු නිවසට පැමිණෙන අයුරු පිටව යන අයුරු නිවසේ සවිකර තිබූ CCTV කැමරාවේ පටිගත වී තිබේ.