වෙඩි ප්‍රහාරයේ දසුන් ටීෂර්ට්වල
2024 July 15- Page Views : 10
පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ දී වෙඩි ප්‍රහාරයෙන් කන තුවාල වී, ලේ පෙරාගෙන, ආරක්ෂක අංශ විසින් වටකර ගත් හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එක් අතක් ඔසවා ජයග්‍රාහී ලීලාවෙන් සිටන ඡායාරූපය එක රැයින් ලොව පුරා ජනප්‍රිය විය.
දැන් එම ඡායාරූපය මුද්‍රණය කළ, ටී ෂර්ට් විකිණීමට ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඔන්ලයින් ඇණවුම් කර මෙම ටී ෂර්ට් මිලදී ගැනීමට හැකි බව ද පැවැසෙයි. ‘මම දැන් ශක්තිමත්’, ‘වෙඩි උණ්ඩයට මම බය නැහැ’, ‘මම පරාජය බාර ගන්නේ නැහැ’ ආදී ට්‍රම්ප්ගේ ප්‍රකාශ කීපයක් එම ටී ෂර්ට්වල සඳහන් වෙයි.
මෙම ටී ෂර්ට් නිපදවා ඇත්තේ චීන සමාගමක් බව ද පැවැසෙයි.