WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක්

2024 July 16- Page Views : 10

ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි.

ආරක්ෂාවට තර්ජනයක් වූයේ කෙසේදැයි යන්න තවමත් පැහැදිලි නැත.

උත්සවයට සහභාගී සතුටු සාමීචියේ සිටි චාල්ස් රජු සහ කැමිලා රැජින ළඟට ආ ඔවුන්ගේ රාජකීය කණ්ඩායමේ සාමාජිකයකු දෙදෙනාට යමක් පැවැසූ බවත්, ඉන්පසු ආරක්ෂක නිලධාරීන් ඔවුන් කලබලයකින් තොරව, නමුත් ලහිලහියේ එම උත්සවයෙන් ඉවත් කළ බවත් විදෙස් මාධ්‍ය පවසයි.

ආරක්ෂක නිලධාරීන් පැමිණ රාජකීය යුවළ රැගෙන ගියේ අසල පිහිටි ‘පොම් දෙ ඕර්’ නමැති හෝටලයටය.