බස් රථයක් ප්‍රපාතයට පෙරළී ජීවිත රැසක් අහිමි වෙයි
2024 July 17- Page Views : 10
පේරු රාජ්‍යයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 23 දෙනෙකු මිය ගොස් තිබේ.
අනතුරින් තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බස් රථය අඩි 656 පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අනතුර සිදුව ඇති බව සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ දී එහි පුද්ගලයින් 40කට අධික පිරිසක් සිට ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.