WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශය යුද පිටියක් වෙයි - අන්තර්ජාලයටත් බාධා

2024 July 18- Page Views : 10

බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් ආරම්භකර ඇති විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රට තුළ ගැටුම්කාරී වාතාවරණයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

පොලීසිය විසින් විරෝධතාකරුවන් පාලනය සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ලකර ඇති අතර එසේම කටකතා පැතිරීම වැලැක්වීම සඳහා ජංගම දුරකථන සඳහා අන්තරජාල පහසුකම් අත්හිටුවීමට ද පියවෙර ගෙන තිබුණි.

නිදහස් සටන සඳහා එක්වූ පවුල්වල දරුවන් සඳහා රැකියාවලින් 30%ක් වෙන් කිරීමට රජය ගෙන ඇති තීරණය ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් සිසු විරෝධතා පැවැත්වෙයි.

ඇතිවූ ගැටුම් හේතුවෙන් මේ දක්වා 6 දෙනෙක් මියගොස් විශාල ගණනක් තුවාල ලබා තිබේ.