WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අගනුවර උද්ඝෝෂණ තහනම්

2024 July 18- Page Views : 10

නැවත දැනුම්දෙන තුරු කෙන්යාවේ අගනුවර වන නයිරෝබි හි උද්ඝෝෂණ තහනම් කිරීමට එරට පොලීසිය පියවර ගෙන තිබේ.

එරට බලධාරීන් පවසන්නේ සංවිධානාත්මක අපරාධ කල්ලි උද්ඝෝෂකයින් අතරට රිංගා කලහකාරී තත්ත්වයන් නිර්මාණය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එරට බදු වැඩිකිරීමට රජය ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් එරට තරුණ පිරිස් විරෝධතා ආරම්භ කළ අතර ඒ අතරතුර මේ දක්වා 50 දෙනෙක් පමණ මියගොස් තිබේ.

එම යෝජනාව ජනපති විලියම් රූටෝ විසින් ඉල්ලා අස්කරගත් අතර ඔහු අමාත්‍ය මණ්ඩලයේ විශාල පිරිසක් ද ඉවත් කළේය.

එහෙත් විරෝධතා නොනවත්වා පැවැත්වෙයි.