WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩුබායි කුමරිය දික්කසාද වෙයි

2024 July 19- Page Views : 10

ඩුබායි කුමාරිකාව වන ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සිය දික්කසාදය ඇයගේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පසුගියදා නිවේදනය කළාය.

ඉස්ලාම් පිළිවෙත් අනුගමනය කරමින් ඇය දික්කසාද පණිවුඩය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තබා ඇත. "මා ආදරණිය සැමියානෙනි" ලෙස ආරම්භ වෙන එම පණිවුඩය "මම ඔබව දික්කසාද කරනවා, දික්කසාද කරනවා, දික්කසාද කරනවා" ලෙස අවසන් වේ. ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ෂෙයිකාට අනුගාමිකයන් ලක්ෂ 4 කට වඩා සිටී. ෂෙයිකා මාහ්රා වර්තමාන ඩුබායි පාලකයාට සිටින දරුවන් 26 දෙනාගෙන් එක් අයෙකි.

ඉස්ලාම් ආගමට අනුව සැමියන් තෙවරක් දික්කසාද කරන බව පැවසීමෙන් සිය බිරිඳව දික්කසාදය ලබා දෙන අතර එය ට්‍රිපල් තලාක් ලෙස හඳුන්වයි. කෙසේ වෙතත් මෙම පණිවුඩය තහවුරු කර ගැනීමට ඩුබායි පාලකයා සහ ෂෙයිකාගේ සැමියා සම්බන්ධ කර ගැනීමට බී.බී.සී පුවත් සේවය උත්සාහ දරා ඇතත් එය අසාර්ථක වී ඇත.

ෂෙයිකා තැබූ පණිවුඩය සත්‍ය නම් සමාජ මාධ්‍ය ඔස්සේ දික්කසාද වූ ප්‍රථම රාජකීයයා ඇය වනු ඇති බවද පැවැසෙයි.30 හැවිරිදි ෂෙයිකා මාහ්රා බින්ට් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් සහ ෂෙයික් මනා බින් මොහොමඩ් බින් රෂීඩ් බින් මනා අල් මක්ටුම් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ විවාහ දිවියට එළඹී අතර සිය ප්‍රථම දරුවා මීට මාස දෙකකට පෙර ෂෙයිකා බිහි කළාය.