චීනයේ පාලමක් කඩා වැටෙයි - 11ක් මියයයි
2024 July 20- Page Views : 10
වයඹදිග චීනයේ Shaanxi පළාතේ අධිවේගී මාර්ගයක් දිවෙන පාලමක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව චීන වාර්තා සඳහන් කරයි.
අදාළ ප්‍රදේශයට පැවති වර්ෂාව සහ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පාලම කඩා වැටී ඇති බවද සඳහන්ය.
ගලවාගැනීමේ කණ්ඩායම් මැදිහත්වී පාලම කඩා වැටීම හේතුවෙන් ගඟට පෙරළී තිබූ වාහන 05ක් සොයාගෙන තිබේ.
අනතුරින් පුද්ගලයින් 30 දෙනෙකු අතුරුදන් වී සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.