ට්‍රම්ප් ට වෙඩි තැබීමට පෙර වෙඩික්කරු කළ දේ හෙළිවෙයි
2024 July 21- Page Views : 10
අමෙරිකානු ජනාධිපති අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි තැබූ වෙඩික්කරු වෙඩි තැබීමට සුදුසුම ස්ථානය හඳුනා ගැනීම සඳහා ඩ්‍රෝන යානාවක් උපයෝගී කරගෙන ඇති බව විමර්ශකයින් පවසයි.
පසුගිය ජූලි 13 වනදා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රැලියක් අමතමින් සිටියදී තෝමස් මැතිව්ස් කෲක්ස් නම් 20 හැවිරිදි තරුණයෙක් ට්‍රම්ප් ට වෙඩි තැබීය.
ඉන් ට්‍රම්ප් ගේ දකුණු කන සිදුරු වූ අතර වෙඩි වැදී ඔහුගේ රැලියට පැමිණ සිටි 50 හැවිරිදි පුද්ගලයෙක් මියගියේය.