WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉතියෝපියාවේ ඛේදවාචකයක් - ජීවිත 50ක් අහිමි වෙයි

2024 July 23- Page Views : 10

ඉතියෝපියාවේ සිදුවූ නායයෑම් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පසුගිය 21 වන ඉරිදා සහ ඊයේ (22) දිනයන්හි ගෝෆා ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතන තත්ත්වය සමඟ සිදුවූ නායයෑම්වලින් එම මරණ වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් පුද්ගලයින් පිරිසක් ද තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

නායයෑම්වලින් පීඩාවට පත් පුද්ගලයින් මුදා ගැනීම සඳහා මේ වන විට සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.