WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වූ හේතුව බයිඩන් හෙළිකරයි

2024 July 25- Page Views : 21

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.

අපේක්ෂකත්වයෙන් බයිඩන් ඉවත්විය යුතු බවට හිටපු කථානායිකා නැන්සි පොලොසි ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයින් පවා මත පළ කිරීමත් සමඟ එල්ල වූ පීඩනය බයිඩන්ගේ එම තීරණයට හේතුවක් වූ බව නොරහසකි.

කෙසේ වුවද තමන් අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ සිය පක්ෂයේ එක්සත් බව වෙනුවෙන් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ජනපති බයිඩන් පවසයි