WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යතුරු පැදිකරුවෙක් මේරි කුමරිය හප්පලා

2024 July 26- Page Views : 21

රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය, විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය.

යතුරු පැදියේ හැපුණු 52 හැවිරිදි මේරි කුමරිය බිම ඇද වැටුණු නමුත්, ඇයට කිසිදු අනතුරක් සිදුනොවිණි.

මේරි කුමරිය, ග්‍රීන්ලන්තයට ගොස් සිටින්නේ ඇගේ දරු දෙදෙනා ද සමඟය.

කුමරිය මෙම අකරතැබ්බට මුහුණ දුන්නේ, නූක් නුවරදීය.

ඇය නගර මධ්‍යයට ගියේ ඇයට ආදරේ කරන වැසියන් හමුවෙමින්, ඔවුන් සමඟ සුහඳව කතාබහ කිරීමටය.

හිටිහැටියේ කුමරිය පිටුපසින් ආ යතුරු පැදිය, ඇගේ සිරුරේ හපුණේ සියලු දෙනා පුදුම කරමිණි.