WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර අරඹයි

2024 July 28- Page Views : 10

ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඒ ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකරයේ පිහිටි ගම්මානයක පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු මියයෑමට ප්‍රතිචාර වශයෙනි.

ඊයේ (27) එල්ලකර තිබූ එම මිසයිල ප්‍රහාරයට හිස්බුල්ලා සංවිධානය වගකිවයුතු බව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 7කට දැඩි ප්‍රහාර එල්ලකළ බවයි.