ඊශ්‍රායල - ලෙබනන් යුද උණුසුම වැඩිවෙයි
2024 July 29- Page Views : 10
හිස්බුල්ලා සටන්කරුවන් විසින් ඊශ්‍රායලය අල්ලාගෙන සිටින ගෝලාන් කඳුකර ප්‍රදේශයේ පිහිටි පාපන්දු පිටියකට එල්ලකළ මිසයිල ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ අවසන් කටයුතු සිදුකර තිබේ.
එහිදී දරුවන් සහ තරුණයින් ඇතුළු 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.
මේ අතර ඊශ්‍රායලයේ යුද කැබිනෙට්ටුව විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකළ යුතු බවට ආ යෝජනාව සම්මත කර තිබේ.
හිස්බුල්ලා සටන්කාමීන් ට ඉරානයේ සහාය ලැබෙයි.
ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ මේ හේතුවෙන් දෙපාර්ශ්වය අතර යුද්ධයක් ආරම්භවීමට ඉඩ ඇති බවයි.
ඒ හේතුවෙන් බේරූට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ බලධාරීන් ගුවන් ගමන් අත්හිටුවීමට සහ පමා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.
තම ගුවන්වාර කිහිපයක් අත්හිටුවීමට තීරණය කළ බව ලුෆ්තන්සා ගුවන්සේවය පවසයි.