තවත් ලතින් අමෙරිකානු රටක් ගිනිගනී
2024 July 30- Page Views : 10
වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව විථි බැසීමත් සමග කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
කරාකස් අගනුවර සහ වෙනත් නගර රැසකදීම ජනතාව විරෝධතාවේ නිරත වන්නේ වසර 11ක් පුරා එරට ජනාධිපති ධුරය දැරූ නිකලස් මදුරෝ මෙවරත් ජනාධිපතිවරණය ජයගෙන ඇති බවට නිර්ණය කළ ජනාධිපතිවරණ ප්‍රතිඵල වංචා සහගත බවට චෝදනා කරමිනි.
ඒ ප්‍රතිවාදී එඩ්මුන්දෝ ගොන්සාල්වේස් ප්‍රමුඛ සන්ධානය සියයට 70 ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් දිනාගනු ඇතැයි පූර්ව මැතිවරණ ප්‍රතිඵල පෙන්නුම් කර තිබූ පසුබිමකය.
විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිරීමත් සමග විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගෙන තිබුණි.
ලතින් අමෙරිකානු සහ බටහිර රටවල් ද එක්සත් ජතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ද එක් එක් ඡන්ද මධ්‍යස්ථානවල ප්‍රතිඵල වෙන් වෙන් වශයෙන් නිකුත් කරන ලෙස වෙනිසියුලානු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.
නිකලස් මදුරෝ වෙනිසියුලානු ජනාධිපති වශයෙන් පිළි නොගන්නා ආර්ජන්ටිනාව, පේරු, චිලී ඇතුළු ලතින් අමෙරිකානු රටවල් 6ක සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් නැවතත් කැඳවීමට වෙනිසියුලාව පියවර ගෙන ඇතැයි සඳහන්ය.