WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඊශ්‍රායලය ට හිස්බුල්ලා ප්‍රහාර

2024 August 04- Page Views : 10

ලෙබනනයේ ක්‍රියාත්මක ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය උතුරු ඊශ්‍රායලය ඉලක්ක කරමින් රොකට් ප්‍රහාර එල්ලකර තිබේ.

පසුගියදා ඊශ්‍රායල ප්‍රහාරයකින් හිස්බුල්ලා ප්‍රධානියෙකු මියයාමේ සිදුවීම මුල්කර ගෙන ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට හිස්බුල්ලා සංවිධාන අනතුරු අඟවා තිබුණි.

ඊශ්‍රායලය පවසන්නේ සිය "අයන් ඩෝම් ගුවන් ආරක්ෂණ පද්ධතිය" මගින් රොකට් ප්‍රහාර වැළැක්වීමට සමත්වූ බවයි.

හිස්බුල්ලා ප්‍රහාර හේතුවෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව සඳහන් ය.

කෙසේවුවද ඉන් මැද පෙරදිග යුද ගැටුම් තීව්‍රවීමට ඇති අවදානම තවත් උග්‍ර වීමෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජෝර්දානය, කැනඩාව ඇතුළු රටවල් ලෙබනනයේ සිටින සිය පුරවැසියන්ට වහාම එරටින් පිටවන ලෙසට නිවේදනය කර තිබේ.