WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍ය යුද පිටියක් වෙයි

2024 August 05- Page Views : 10

එංගලන්තය පුරා පැතිරයන කෝලාහල සම්බන්ධයෙන් ගතයුතු පියවර සාකච්ඡා කිරීම සඳහා අද (05) බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේදී විශේෂ හමුවක් කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

සංක්‍රමණික ජන කොටස් වලට එරෙහිව සති අන්තයේ එරට ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවති අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇතිකරගත් 150 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී 17 හැවිරිදි තරුණයෙක් විසින් පිහියකින් ඇන කුඩා ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කර තිබූ අතර එම සිද්ධියෙන් අනතුරුව එරට තුළ දැඩි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් පවතී.

විරෝධතාකරුවන් විසින් සරණාගතයින් පිරිසක් රඳවා සිටින රොතර්හැම් හි හෝටලයකට ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

ටැම්වර්ත්, මිඩ්ල්ස්බ්‍රො, බෝල්ටන්, හල් සහ වේමවුත් යන ප්‍රදේශවලද කෝලාහල ඇතිවූ බව සඳහන් ය.