WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් උතුරු ඊශ්‍රායලයට ප්‍රහාරයක්

2024 August 06- Page Views : 11

ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර දෙනු ඇතැයි මත පළකර ඇති මොහොතක මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ලවී ඇත.